Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා

July 5, 2025
1415 Views

ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කැබ් රිය උදාසිරිගම නිවසක

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර වාහන සෝදන මධ්‍යස්ථානයක ජලය බැහැර කරන වළකට දමා සඟවා ඔහුට අයත් රුපියල් කෝටි දෙක හමාරක් වටිනා කැබ් රථය පැහැරගෙන ගිය ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු වෙන්නප්පුව පොලිසිය මගින් ඊයේ (04දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කණ්ඩායම පැහැරගෙන ගිය කැබ් රථය වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි අවිවාහකයකු වූ ජයනාත් ප්‍රනාන්දු නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඉකුත් 30 වැනිදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී තිබිණි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සහ සැකකරුවන් තිදෙනා සමීප මිතුරන් බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මොවුන් අතර ඉතාම සමීප සම්බන්ධයක් පැවති අතර එම සම්බන්ධය මුල්කරගෙන ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකරුවන් විසින් ඝාතනය කර ජලය බැහැර කිරීමට යොදාගත් වළේ සඟවා තිබූ ව්‍යාපාරිකයාගේ දේහය පොලිසිය විසින් ඊයේ ගොඩගන්නා ලදී. ඒ වනවිටත් දේහය හඳුනාගත නොහැකි ආකාරයට ඉදිමී කුණු වී තිබූ බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළි වූ අන්දමට සැකකරුවන් විසින් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ඉකුත් 30 වැනිදා රාත්‍රි කාලයේදීය.

මෙම ඝාතනය මෙහෙය වූ ප්‍රධාන සැකකරු වාහන සෝදන මධ්‍යස්ථානයේ සේවය කරන තරුණයෙකි. මොවුන් ඉකුත් 30 වැනිදා රාත්‍රී වාහන සෝදන මධ්‍යස්ථානයේදී මුණගැසී බියර් පානය කර ඇත.

සමීප සබඳතාවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් ආරවුලක් දක්වා දුරදිග ගොස් තිබේ. ඒ අවස්ථාවේ වාහන සෝදන මධ්‍යස්ථානයේ සේවකයා සඟවා තිබූ පිහියක් ගෙන ව්‍යාපාරිකයාට ඉන් ඇන ඔහු මරා දමා ඇත.

පසුව ඔහුගේ සිරුර වාහන සෝදන මධ්‍යස්ථානයේ ජලය බැහැර කරන වළට දමා සඟවා කොන්ක්‍රීට් ලෑල්ලකින් වළ වසා දමා තිබේ. තම පුත්‍රයා දින 2ක් තිස්සේ අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව විසින් පොලිසිය වෙත පැමිණිලි කරන්නේ ඔය අතරතුරදීය.

ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටියදී වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාට ව්‍යාපාරිකයාගේ කැබ් රථය සඟවා තබා ඇති නිවසක් පිළිබඳ තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ හෙට්ටිආරච්චි මහතා එම නිවස වටලා කළ පරීක්ෂාවකදී කැබ් රථය සහ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන තිබිණි.

පුත්තලම දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ හා වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශ, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි එස්. ඩී. ආර්. ප්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත වෙන්නප්පුව සහ මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානවල හා උදාසිරිගම පොලිසියේ නිලධාරීහු ිසිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදුකරති.

හේමන්ත රන්දුණු, අමරනන්ද විජේසේකර, රෙක්ස් හැරිසන් – නාත්තන්ඩිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok