Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාව නිවැරදි නොවන තොරතුරු දී ඇත්තේ හිතාමතා නෙවෙයි – අයි.එම්.එෆ් විධායක මණ්ඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකාව නිවැරදි නොවන තොරතුරු දී ඇත්තේ හිතාමතා නෙවෙයි – අයි.එම්.එෆ් විධායක මණ්ඩලය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව නිවැරදි නොවන තොරතුරු දී ඇත්තේ හිතාමතා නෙවෙයි – අයි.එම්.එෆ් විධායක මණ්ඩලය

July 5, 2025
168 Views

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සමග ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ, ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිවැරදි නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අවධානයට ලක් කර ඇත.

මේ ගැන සමාලෝචනයෙන් පසු මෙම නිවැරදි නොවන තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති බව පවසන මූල්‍ය අරමුදල කියා සිටින්නේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළ බවයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, ඩසසස වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදුවිය.

ජා.මූ. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති අතර, රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තාකිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු විය.

පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදුකිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලන ලදී.

ඒ අනුව අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, viii වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළේය.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එස්.එම්. චන්ද්‍රෙස්න 18දා තෙක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි

ප්‍රධාන පුවත්

2026 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ආදර්ශ අයැදුම්පත

ප්‍රධාන පුවත්

කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා

ප්‍රධාන පුවත්

මට මේ දේ වුණේ බිරිඳ කීව දේවල් අහපු නැති නිසයි – හිටපු ඇමැති මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok