Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වාසියක් නැති නිසා කන්ටේනර් මුදාහැරීමේ කමිටු වාර්තාව ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නෑ – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වාසියක් නැති නිසා කන්ටේනර් මුදාහැරීමේ කමිටු වාර්තාව ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නෑ – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

වාසියක් නැති නිසා කන්ටේනර් මුදාහැරීමේ කමිටු වාර්තාව ආණ්ඩුව ප්‍රසිද්ධ කළේ නෑ – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

July 5, 2025
59 Views

වරායෙන් බහාලුම් 323ක් පරීක්‍ෂණයකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව වාර්තාව එළිදක්වන්නේ නැතිව සඟවාගෙන සිටියේ ඉන් ආණ්ඩුවට වාසියක් අත්නොවන බැවින් බවත්, යම් වාසියක් වන්නේ නම් ආණ්ඩුව මෙම වාර්තාව පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වැඩිදුරටත් මෙසේද කීය.

බහාලුම් 309 පිටකිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිවෙලා තිබෙනවා. එම කමිටුව නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ නමුත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු විවිධ පිළිතුරු ලබාදෙන්න කටයුතු කරනවා.

2025 ජනවාරි මාසයේ 18 වැනිදා සිදුවුණ මෙම බහාලුම් සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයාව මුලින්ම දැනුම්වත් කරන්නේ රේගු නිලධාරීන්ගේ සංගමය. ඔවුන් ජනවාරි මාසයේ 20 වැනිදා තමයි මෙම හෙළිදරව්ව සිදු කරන්නේ. රතු නිවේදන නිකුත් කළ බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව පිටකළ බව ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කරන්නේ රේගු නිලධාරින්ගේ අනාවරණයෙන් පසුවයි. ඒ වගේම රටේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිවුණාට පසුව ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරන්න තිරණය කරනවා. මෙම බහාලුම් 323ක් තුළ කිසිදු නීති විරෝධී දෙයක් නොතිබුණ බව ආණ්ඩු පාර්ශ්වය මාධ්‍යවලට ප්‍රකාශ කළා. ඒ වගේම මෙම බහාලුම් තොගය නිදහස් කිරීමට අවසර දුන් බව වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සිද්ධියට රේගු නිලධාරීන් සම්බන්ධ නම් ඔවුන්ට දඬුවම් දෙන බව ආණ්ඩුව දැන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙම සිද්ධියට දේශපාලනඥයන්ගේ නම් සඳහන් වෙන්නේ නැති බවත් ආණ්ඩු පාර්ශ්වය ප්‍රකාශ කරනවා.

සිද්ධිය පිළිබඳව වාර්තාව එළියට පැමිණි පසු ආණ්ඩුව කලබල වෙලා තිබෙනවා. කෙසේ නමුත් එම කමිටු වාර්තාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න හැකියාවක් තිබෙනවාද කියා අපි සොයා බලමින් සිටිනවා.

ඇමරිකාවෙන් පනවා තිබෙන තීරු බද්ද සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පියවරක් ගන්නා බවක් පෙනෙන්න නෑ. කෙසේ නමුත් වියට්නාමය, ඇමරිකාව සමඟ යම් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ වගේම අනෙකුත් රටවල් සියල්ල ඇමරිකාව සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ රටවල්වලට වාසිවන ආකාරයේ එකඟතාවලට එළැඹිලා තිබෙනවා. නමුත් මේ පිළිබඳව කමිටුවක් පත්කර ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම මෙම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව රටට දැනුම් දෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා. කෙසේ නමුත් ලංකා රජය ඇමරිකාව සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රගතිය හෙළිවෙලා නෑ. මේ පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ

ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

ප්‍රධාන පුවත්

පිරිහී ගිය සමාජයට මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් – ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ ස්වර්ණ ජයන්ති උපහාර උත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අනියත බියක් එපා! වාහන ආනයනය හා විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නෑ – ඇමැති නලින්ද කියයි

ප්‍රධාන පුවත්

හිරගෙවල් උතුරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok