ජාතික මදුරු මර්දන සතියේ තෙවැනි දිනය වූ ඊයේ (02දා) සිදු කළ විශේෂ පරීක්‍ෂාවන් යටතේ පරිශ්‍ර 22,294ක් පරීක්‍ෂාවට ලක්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය 30දා සිට අදියර දෙකක් යටතේ ආරම්භ කළ මෙම ජාතික මදුරු මර්දන විශේෂ වැඩසටහන වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු කණ්ඩායම් 1100ක් එක්ව සිටින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඊයේ සිදුකළ පරීක්‍ෂා කිරීම්වලදී මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 4,965ක් හඳුනා ගනු ලැබූ බවත්, මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657ක් හඳුනා ගනිමින්, ඉන් ස්ථාන 553කට රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගත් බවත් ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛi විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කළාය. එමෙන්ම පුද්ගලයන් 153 දෙනකුට නඩු පැවරීමට පියවර ගත් බව පැවසූ විශේෂඥ වෛiවරිය, ජාතික මදුරු මර්දන සතියේ ආරම්භක දින දෙක තුළදී පරිශ්‍ර 48,354ක් පරීක්‍ෂාවට ලක් කර, මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන 10,591ක් හඳුනා ගත් බවද කියා සිටියාය.
මීට අමතරව පරිශ්‍ර 1,611ක මදුරු කීටයන් හඳුනා ගත් බවත්, ඉන් 1,193ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බවත්, තවත් 256ක් සඳහා නඩු පැවරූ බවත්, විශේෂඥ වෛi ප්‍රසිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ජාතික මදුරු මර්දන විශේෂ සතිය පසුගිය 30දා ආරම්භ වූ අතර එය ලබන 05දා දක්වා ක්‍රියාත්මක වේ.
සුජීව තත්සර