Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යල වී අස්වනු මිලට ගන්න මෝල් හිමියන්ට සහ සමුපකාරයට සහන පොළියට ණය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: යල වී අස්වනු මිලට ගන්න මෝල් හිමියන්ට සහ සමුපකාරයට සහන පොළියට ණය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

යල වී අස්වනු මිලට ගන්න මෝල් හිමියන්ට සහ සමුපකාරයට සහන පොළියට ණය

July 1, 2025
83 Views

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත අද (ජුලි 01) සිට සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 6500ක පමණ මුළු ණය මුදලක් බැංකු හරහා නිදහස් කිරීමට නියමිතය. මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටි්‍රක් ටොන් 25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වේ.

අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට සියයට 7 ක වාර්ෂික පොළී අනුපාතයකට රු. මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය කියයි.

මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගිත්ව මූල්‍ය ආයතන ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, අමානා බැංකුව, කාගීල්ස් බැංකුව සහ පෑන් එෂියා බැංකුව යන බැංකු තෝරාගෙන ඇත.

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත. 2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එස්.එම්. චන්ද්‍රෙස්න 18දා තෙක් රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

වෙළෙඳ ගිවිසුම් නැති රටවලටත් ට්‍රම්ප් තීරු බදු ප්‍රතිශත යවයි

ප්‍රධාන පුවත්

2026 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ආදර්ශ අයැදුම්පත

ප්‍රධාන පුවත්

කටුනේරියේ කෝටිපතියා ඝාතනය: එකට සිටි මිතුරන් විසින්ම මරාදමා සිරුර වළක සඟවලා

ප්‍රධාන පුවත්

මට මේ දේ වුණේ බිරිඳ කීව දේවල් අහපු නැති නිසයි – හිටපු ඇමැති මර්වින්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok