Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආණ්ඩුව අයි.එම්.එෆ්. ටීචර් කියන දේ කරන දරුවෙක් වගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආණ්ඩුව අයි.එම්.එෆ්. ටීචර් කියන දේ කරන දරුවෙක් වගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

ආණ්ඩුව අයි.එම්.එෆ්. ටීචර් කියන දේ කරන දරුවෙක් වගේ

June 25, 2025
81 Views

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාසලක ටීචර් තත්ත්වයට පත්ව ඇති බවත්, තුනෙන් දෙකක බලයක් තියෙන රජය එම පාසලේ ටීචර් කියන දේම කරන දරුවන් බවට පත්වී ඇති බවත් ලාංකික එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය ඊයේ (24දා) පැවසුවාය.

රටේ ජනතාව IMF එකට වැඩකරන්න රජයට ඡන්දය නුදුන් බවත් ජනතාව තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවා ගත්තේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සේවය ලබාගැනීමට බවත් ඇය ඊයේ (24දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

සෑම රජයක්ම බලයට පැමිණීමට පෙර දේශීය ව්‍යාපාරිකයන් රැකගන්නා බව ප්‍රකාශ කර, බලයට පැමිණි පසු ලබාදුන් බලාපොරොත්තු ඉටු නොකරන බවත්, වත්මන් රජය ද එසේම සිදුකරාවි යැයි මෙහි සිටින කිසිදු ව්‍යාපාරිකයෙක් අපේක්ෂා නොකළ බවද ඇය කීවාය. මෙම මාධ්‍ය හමුව පවත්වන්නේද රජයට දොස් පැවරීමට නොව රජය බලයට පැමිණීමට පෙර දුන් පොරොන්දු නැවත මතක් කිරීමට බවද ඇය කීවාය.

රජය විසින් IMF උපදෙස් අනුව විදුලිබිල සියයට 15කින් ඉහළ දැමීම නිසා කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ලවන බවත්, ඊට අමතරව රජය මගින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම ඔවුන්ට ගෙවන අතිකාලවලට ද එය බලපාන බවත්, ඒ නිසා එක් සේවකයකු වෙනුවෙන් රුපියල් 15,000ක් පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවත් සේවකයන් 150ක් 200ක් සිටින ආයතනයකට එම මුදල රුපියල් ලක්ෂ 30ක් වන බවත් ඇය අවධාරණය කර සිටියාය. දැනට ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යන්නේ ණය ප්‍රමාණය ඉක්මවා (OD) තවත් ණය ලබාගැනීමෙන් බවත්, බැංකුවලින් ගන්නා එම ණය සඳහා තවත් සියයට 18ක පමණ පොලියක් ගෙවීමට සිදුව ඇති බවත් ඇය කීවාය.

සංගමයේ සාමාජික එස්. තුමිලන් මහතා:- අපේ රටේ බැංකු පද්ධතිය කටයුතු කරන්නේ සංවර්ධිත රටවල ක්‍රියාත්මක වන විදියටයි. එයද වැරදි ආකාරයටයි සිදුකරන්නේ. විශේෂයෙන් අපේ ව්‍යාපාරිකයන්ට බැංකු ණය දීලා ඒ අයට ණය ගෙවාගන්න බැරිවුණොත් එහි වත්කම් බැංකුව පවරා ගන්නවා. වත්කම් පවරා ගන්න කොට එහි වටිනාකම රුපියල් මිලියන 100 වුණොත් එම වත්කම පවරාගෙන එහි පවතින ගොඩනැඟිලි නියමිත ආකාරයෙන් නඩත්තු නොකර වසර ගණනාවක් තබාගෙන සිට ඒවා අලෙවි කරන්නේ ඉතා අඩු මුදලකටයි. මෙහෙම සිදුවෙන්න බැහැ.

මොහොමඩ් ඉර්ෂාඩ්:- අපේ ව්‍යාපාරිකයන් මුහුණදෙන තවත් අපහසු දෙයක් තමයි භාණ්ඩ ආනයනය කරලා රේගුවෙන් නිදහස් කරගන්න එක. රේගුව විසින් විශාල බදු ආදායමක් ලබාගන්න කියලා රජයට වාර්තා ඉදිරිපත් කරනවා. අපි කියන්න කැමැතියි මේ බදු අයකරගන්න කියන්නේ විශාල ලෙස අයකර ගන්නා ප්‍රමාද ගාස්තු සමගයි. ඉන්දියාවෙන් පැය 08කින් භාණ්ඩ ආනයනය කළාට ඒවා මුදාගන්න දින 08ක් යනවා. හැබැයි රේගුව අයකර ගන්නා ප්‍රමාද ගාස්තු ආනයනකරු භාණ්ඩයට එකතු කර අලෙවි කිරීම නිසා එහි අවාසිය ඇතිවන්නේ මහජනතාවටයි. ඒ නිසා මේවා ගැනත් සොයාබලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී සංසදයේ තවත් කිහිපදෙනකු අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok