කොළඹ වරාය තුළ නැවතත් බහාලුම් තදබදයක් නිර්මාණය කර පසුගිය වතාවේ මෙන් නීති විරෝධී ද්‍රව්‍ය පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කර ගැනීමේ උත්සාහයක් පවතින්නේ දැයි සැකයක් ඇතිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කීවේය.
එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද කීවේය.
පසුගිය වතාවෙත් මෙවැනිම කෘත්‍රිම බහාලුම් තදබදයක් ඇති කරලා තමන්ගේ ජාවාරම්කාර පැලැන්තියේ කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කළා. ඒ ගැන තවමත් කිසිම පරීක්ෂණයක් නැහැ.
අපි මේ ආණ්ඩුවට කියනවා අනාගත පාලනයකදී මේ සිදුවීම්වලට උත්තර බඳින්න ලෑස්ති වෙන්න කියලා. මෙවැනි දූෂණවලට අධිකරණ හමුවේ නඩු පවරා උපරිම දඬුවම් ලබාදීමට ඉදිරි පාලනයකදී කටයුතු කරනවා.
කමල් බෝගොඩ