දූෂණ චෝදනා ත්‍රිත්වයක්
දූෂණ චෝදනා 3ක් මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් ජුලි 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු ඊයේ සවස මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය කෙරිණි.
නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වේ.
ඊයේ නාවල ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කරන බව අනාවරණය වෙයි.
2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක යූඑල් 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමරිකානු ඩොලර් 4512ක් පාඩු කිරීම,
2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යෑමට සිටි මගීන් 75 දෙනෙකු යූඑල් 563 දරන ගුවන් යානයෙන් පිටත්කර හැරීම මගින් ඇමරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම,
2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම එම චෝදනාය.
ඒ.ජේ.ඒ. අබේනායක