මෙම වසරේ (2025) ගතවූ මාස හයක කාලයේ දී මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවැසීය.
මාර්ගයට නුසුදුසු රථ වාහන පැමිණීම සහ අවිනීත රියැදුරන් හේතුවෙන් මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ (2024) මියගිය පුද්ගලයන්ට අමතරව පුද්ගලයන් හත්දහස් එකසිය පනස් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය.
මේ අතර වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජුලි 01 වැනිදා සිට අනිවාර්යයෙන්ම ඉවත් කරන බවද ඒ මහතා කීය.
ඒ මහතා එසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්