Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක්

June 20, 2025
568 Views

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18 දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිමවූ බස්රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල යන නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් අතත්‍ය නගරයක් (virtual City) නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති අතර මෙය වසරක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙන් දළදා මාළිගා පරිශ්‍රයද ආවරණය කෙරෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50කි.

දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙරට සියලු ජන වර්ගවල සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන තෙදින සංස්කෘතික ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ගාලු මුවදොර ඇතුළු ස්ථාන 16කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සංචාරක කලාප ආශ්‍රිතව ප්‍රමිතිගත හා නවීන පහසුකම් සහිත වැසිකිළි 500ක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙන අතර මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 525කි.

දෙවසරක් තුළ මෙරට ප්‍රධාන වෙරළ කලාප දෙකකට අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නිල් කොඩි (Blue Flag) සහතිකය ලබා ගැනීමට තිරසාර වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. උණවටුන හා හිරිකටුව වෙරළ තීර ඒ සඳහා යෝජනා කර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ වෙරළ

රැකබලා ගන්නන් 450කට අධික සංඛ්‍යාවක් පත්කිරීමට නියමිතය. ඒ අතරින් 250කට මේ වනවිටත් පත්වීම් ලිපි ලබාදී ඇත.

රුපියල් මිලියන 300ක වියදමින් අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක්ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර නගරාශ්‍රිතව ගලායන ඇළ දොළවල ජලය පිරිසිදුව තබා ගැනීම හා නඩත්තුව එමගින් අපේක්ෂා කෙරේ. කොළඹ නගරයේ සාමාන්‍ය ඇළ මාර්ග පද්ධතිය නඩත්තුව තිරසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක වියදමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහවැලි ගඟේ ජල දූෂණය අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතිය මහවැලි ගඟේ ඉහළ ඉස්මත්ත ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ. එසේම, රුපියල් මිලියන 500ක වියදමින් පළාත් පාලන ආයතන සඳහා කොම්පෝස්ට් බහාලුම් (Compost Dumpbin) ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. ප්‍රථම අදියරේදී රුපියල් මිලියන 150ක බහාලුම් ලබාදීම සිදු කෙරෙන අතර එයද මෙම වසරේදී ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 120ක වියදමින් මාර්ග ආරක්ෂාව සඳහා වූ වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මකය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් අපේක්ෂිත අරමුණු අමාත්‍යාංශ හා ආයතනික මට්ටමින් සාක්ෂාත් කරගැනීම උදෙසා මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර යන මහත්වරුද, අමාත්‍යාංශ නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok