මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ලොතරැයි ත්‍යාග මුදලට හිමිකම් කියූ වාසනාවන්තයකු 16දා බිහිව ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ 2210 වැනි දිනුම් වාරයේදී රුපියල් හතළිස් හත් කෝටි හතළිස් පන්ලක්‍ෂ අනූ නව දහස් හාරසිය විසිදෙකක දැවැන්ත ත්‍යාග මුදල දිනාගැනීමට සමත්ව තිබේ.
අදාළ ජයග්‍රාහී ලොතරැයි පත ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරියක විසින් අලෙවි කර ඇතැයි ද ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.
මෙරට දී මින් පෙර වාර්තා වූ ඉහළම ලොතරැයි ජයග්‍රහණය රුපියල් කෝටි 23ක් වූ අතර, එම ජයග්‍රහණය ද ‘මෙගා පවර්’ ලොතරැයිය යටතේ දිනා තිබීම විශේෂත්වයකි.
සුජීව තත්සර