2003 සිට උසස්වීම් ලබා නොදීම, දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය සඳහා අනුමැතිය ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් සඳහා මෙතෙක් විසඳුම් ලබානොදීම නිසා ඉදිරි දින කීපය ඇතුළත අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දුව මහතා “දිවයින”ට ඊයේ (17දා) පැවැසීය.
එලෙස දුම්රිය වැඩවර්ජනයකට යොමුවුවහොත් මගීන්ට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද හෙතෙම කීය.
දුම්රිය රියදුරන් 458 දෙනකු සිටිය යුතු වකවානුවක මේ වනවිට සේවයේ නිරතව සිටිනුයේ දුම්රිය රියදුරන් 235 දෙනකු බවත්, තවත් දුම්රිය රියදුරන් 223 දෙනකුගේ හිඟයක් පවතින බවත් ඒ මහතා කියා සිටියේය.
දුම්රිය රියදුරන් අසනීප නිවාඩු ගැනීමේදීත් මළගෙවල් වැනි අවස්ථාවලට සහභාගි වීමේදී තවත් අපහසුතාවයට මුහුණ දෙන බවද ඔහු කීය.
මෙවැනි අපහසුතා මැද දුම්රිය රියදුරන් කරන මෙහෙවර මෙන්ම, ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබානොදෙමින් ආණ්ඩුව කල්මැරීම ගැන සංගමයේ දැඩි අප්‍රසාදය පළකරන බවද ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර