පුටින් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉකුත් සෙනසුරාදා (14දා) ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතමින් ඉරාන – ඊශ්‍රායල ගැටුම් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ. එමෙන්ම රුසියානු රජය ජනපති පුටින් ඉරානයට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම හෙළා දකින බවත් ගැටුම උත්සන්න වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ බවත් නිවේදනය කර ඇත.
මේ අතර ඉරානය සමග යුද්ධයට එක්වන ලෙස ඊශ්‍රායලය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇති බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පත වාර්තා කර තිබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෆු කොං මහතා ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමේදී පවසා තිබුණේ ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ඊශ්‍රායලය විසින් උල්ලංඝනය කිරීම හෙළා දකින බවයි. ඊශ්‍රායල මෙහෙයුම් නතර කරන ලෙස ද චීනය ඉල්ලා තිබේ.
චතුර පමුණුව