මේෂ –
තරමක් රාජකාරි බහුල දිනකි. ගමන් බිමන් ද යෙදේ. උත්සව සාද පොදු සමිති සමාගම් වැනි දේවල්හි යොමුවෙයි. තුරඟ තරග ආදියෙන් ජය ලබයි. වැයපස ද ඉහළ තත්ත්වයක පවතී. සිරසාබාධ උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රතු ජය අංකය – 03
වෘෂභ –
ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් යෙදේ. දුර
ගම් සංවිධානයට හේතුයි. ආගමික වතාවත් ද ගරු කරයි. තම අරමුණු තරමක් ජයගනී. බලාපොරොත්තු නොවන ලෙස වැයපසද ඉහළ යයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු ජය අංකය – 06
මිථුන –
තරමක් අවිවේකී බවක් ඇති කරයි. පොදු උත්සව සමිති සමාගම් ආදියට සහභාගි වෙයි. නව නිපැයුම් ඇරඹීමට ද හේතුයි. ආගමික උත්සව යෙදේ. පුද පූජා වැනි දේවල් හි යොමු වේ. නේත්‍ර රෝග දන්ත රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ ජය අංකය – 08
කටක –
ශුභා ශුභ මිශ්‍ර ඵල දරයි. උත්සව සාද වැනි දේවල්හි ද යෙදේ. නවක මිතුදම් ප්‍රේම සබඳතා ඇති වෙයි. විවිධ ක්‍රම තුළින් ධනය ද ලබයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ද ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – කහ ජය අංකය – 09
සිංහ –
ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තරමක් ආවේගශීලීව ක්‍රියා කරයි. යටපත් වූ සතුරු බලපෑම් යළි ඉස්මතු වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. සිරස ගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 01
කන්‍යා –
ශුභවාදී ඵල මතු කරයි. නව නිර්මාණකරණයට ශුභයි. දුර ගමන් විදෙස් ගමන් වැනි දේවලට හේතුයි. තම ව්‍යාපාරවල තත්ත්වය පහත වැටේ. තරමක් කලකිරුණ ස්වරූපයෙන් ගෙවයි. ආමාශ ගත රෝග සාදයි. ශුභ වර්ණය – රන්වන් ජය අංකය – 05
තුලා –
ශුභා ශුභ මිශ්‍ර ඵල මතු වෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. තනතුරු ලාබ ලැබීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් වර්ධනය වෙයි. සෙම් රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 02
වෘශ්චික –
ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. අලංකාරකරණයට වැයපස ඉහළ යයි. රැකියා ස්ථානවල චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. හදිසි රෝගවලට හසුවෙයි. ශල්‍යකර්ම වැනි දේ යෙදේ. ශුභ වර්ණය – දුඹුරු ජය අංකය – 04
ධනු –
ආගමික උත්සව සංවිධානයට හේතුයි. අධ්‍යාත්මක ගුණවගාවල නිරත වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමු කරවන ක්‍රියා දියත් කරයි. මිල මුදල් වැය කරන දිනකි. ආමාශ ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – ලා කොළ ජය අංකය – 02
මකර –
තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශිව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා ශීලාදි ගුණධර්ම දියත් කරයි. සුහද සිතුවිලි මත ක්‍රියා කරයි. ඉදිමුම් රෝග වාත රෝග මතුවේ. ශුභ වර්ණය – තද දුඹුරු ජය අංකය – 04
කුම්භ –
දානමානාදි ක්‍රියාවන් අධ්‍යාත්මික ගුණවගාවන් ආදී ක්‍රියාවන්හි යෙදෙන සිත් සහන් ඇතිවන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර වන්දනා
ගමන් බිමන් ද යෙදේ. සෙම් රෝග කාස රෝග මතු කරයි. ශුභ වර්ණය – දම් ජය අංකය – 05
මීන –
දහමට අවතීර්ණව දවස ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවන ක්‍රියා දියත් කරයි. තරමක් වැයපස ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස ජය අංකය – 07