මේෂ
ක්‍රියාකාරි දිනකි. දාන ශීලාදී ගුණධර්මයන්හි යෙදේ. පරෝපකාරීව ක්‍රියා කරන දිනකි. ආධ්‍යාත්මික ගුණ වගාවන්හි නියැළෙන, තම ඥාති මිත්‍රාදීන් ද ඒ සඳහා යොමු කරවන දිනකි. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
දුරගමන්, වන්දනා ගමන් වැනි දේවල්හි යෙදෙන, ආගමික පුදපූජා, උත්සව වැනි දේවල් සංවිධාය කරන හා ඒවාට සහභාගි වන දිනකි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදෙන, වැය ඉහළ යන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 01
මිථුන
ක්‍රියාකාරි දිනකි. දහමට අවතීර්ණව ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. දාන ශීලාදී ක්‍රියාකාරකම්වල ද නියැළේ. අවබෝධවත් සිතකින් දවස ගෙවයි. ස්නායුගත රෝග, නහර වේදනා මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 07
කටක
තරමක් ක්‍රියාශීලි දිනකි. තම අරමුණු ජයගැනීමේ ශක්තිය ඇති කරයි. දානමය හා ශිලාමය ක්‍රියාකාරාකම්වල යෙදේ. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවීමේ ශක්තිය යෙදේ. මුත්‍රා ආසාදන, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
සිංහ
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වන අතර දානාදි ගුණ දහම්, ශීලාදි ගුණ දහම්වලට මුල් තැන දී ක්‍රියාකරයි. තම ළඟම ඥාතීන් දහමට යොමු කරවන ක්‍රියා ද යෙදේ. ශිරෝගත රෝග, ගෙල ආශ්‍රිත රෝග දෙයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01
කන්‍යා
දුරගමන් යෙදේ. විනෝද චාරිකා මෙන්ම දහමට ද යොමු කරවන ක්‍රියා යෙදේ. මහජන සබඳතා වර්ධන ක්‍රියාවන්හිද යෙදේ. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියා ආදියහි යෙදේ. සන්ධි රෝග මතු කරයි. වේදනා මතුවෙයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 02
තුලා
රාජකාරි ක්‍රියාවන්ගෙන් දුරස්ථව දහමට යොමුව ක්‍රියා කරන අතර ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත යොමු කරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. වැයපස ඉහළයි. රත්තවාත රෝග, මුත්‍රා රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
වෘශ්චික
ක්‍රියාකාරි දිනකි. සමාජසේවා කටයුතු මෙන්ම ආගමික ක්‍රියාකාරකම් දියත් කරයි. තම ඥාතීන් ඒකරාශීව වන්දනා ක්‍රියාකාරකම්වල යෙදේ. පොදුසේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියහි යෙදේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
දානමානාදී කුසලකර්මවල යෙදෙන, ආධ්‍යාත්මික ගුණ වගාවන්හි නිරතවන දිනකි. පොදු සද්කාරක ක්‍රියාවන්හි නිරත වෙයි. තරමක් වැයපස ද ඉහළ යන අතර දැහැමි දිනකි. සෙම් කෝප රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 03
මකර
වෙහෙර විහාරස්ථාන ආදියෙහි වැඩිපුර දවස ගත කරයි. පුදපූජා කර්මවල ද නියැළේ. තරමක් වැයපස ද ඉහළ යයි. සැහැල්ලු මනසින් දවස ගෙවයි. අමතර ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 02
කුම්භ
තරමක් වෙහෙසව ක්‍රියාකරයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම සමීපතමයෝ ද ඒ සඳහා යොමු කරවයි. දාන ශීලාදී ගුණ දහම්වල ද යෙදෙයි. වැය ඉහළ යන දිනකි. ලේ දූෂිත රෝග, උෂ්ණ රෝග දේ. ශුභ වර්ණය – ළා රතු, ජය අංකය – 06
මීන
වන්දනා ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. දහමට යොමුවෙයි. පුදපූජා, ආගමික උත්සව සඳහා සහභාගි වන, තරමක් මිල මුදල් වැයවන දිනකි. මූල රෝග, භගන්දර වැනි දේ යෙදේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09