මේෂ
ක්‍රියාශීලියි. තමන්ගේ වැඩවලට තරමක් බාධා එල්ල වෙයි. නමුත් තම උත්සාහය මත ජයගත හැක. ව්‍යාපාරික කටයුතුවලින් සාර්ථකභාවය ලබයි. මුදල් පිළිබඳ තරමක ගැටලු ඇති කරයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 09
වෘෂභ
ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. තමා අවට සිටින්නවුන් නිසා තරමක් මනසට පීඩා දෙන ක්‍රියා යෙදේ. තම අරමුණු ජය ගැනීමට ද හැකි වෙයි. ඉඩකඩම් පිළිබඳ පැවති කරදරයකින් ජය වෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01
මිථුන
අමතර ලාභ ලැබීම් අතින් ශුභදායකයි. විදෙස්ගත වීම් සඳහා සැලසුම් ගෙනදෙයි. කලක් සිට බලාපොරොත්තුව සිටි කරුණක් ජයගත හැක. ප්‍රේම සබඳතා ද වර්ධනය වේ. හදිසි ධන ලාභ දේ. මුත්‍රා රෝග, මේහ රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 03
කටක
දුරගමන් යෙදේ. තම ව්‍යාපාරවල දියුණුවක් ඇති වෙයි. රාජකාරිවලදී බාධා යටපත් කර ගැනීමට හැකි වෙයි. සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර හදිසි ලාභ ලබයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ
ප්‍රබෝධයෙන් දවසේ ක්‍රියාකරයි. තම ඥාති මිත්‍රාදින් සමග සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදයෙන් දවස ගෙවයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. නේත්‍ර රෝග මතු වේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ගමන් බිමන් තරමක් බහුල වෙයි. උත්සව, සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. දහමට ද ළැදිව ක්‍රියාකරයි. අමතර ලාභ ගෙන දෙන දිනකි. මූලාර්ශස් රෝග මතු වෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 07
තුලා
තරමක් වෙහෙසව ක්‍රියා කරයි. දුරගමන් යෙදේ. විනෝදජනක ක්‍රියාවන්වල ද යෙදේ. ආගමික වතාවත්වල යෙදෙන දිනකි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. තැන්පත් ධනය තරමක් වැය වේ. වාතාධික රෝග මතුවෙයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02
වෘශ්චික
ගමන් බිමන් යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර අමතර ලාභ ලබයි. දහමට ළැදිව ද ක්‍රියා කරන දිනකි. වැයපස ඉහළ යයි. සෙම්කෝප රෝග මතුවන දිනකි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු
පවුලේ වගකීම් තමන් පිට පැවරෙන අතර රාජකාරිවල ද ක්‍රියාකාරකම් බහුල වෙයි. උත්සාහයේ තරමට තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. හදිසි ලාභ දෙයි. ඉදිමුම් රෝග, මේහ රෝග මතු වේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 02
මකර
ක්‍රියාකාරකම් බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි. අන්අයගේ විවේචනයට හේතුවන බැවින් බුද්ධිමත්ව ක්‍රියාවේ යෙදිය යුතු දිනකි. බලාපොරොත්තුවූ විදෙස් ගමනක් සඳහා පහසුකම් සැලසේ. ලේ දූෂිත රෝග මතු කරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 06
කුම්භ
ක්‍රියාකාරකම් බහුල වෙයි. උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ප්‍රීති සාද උත්සව ද යෙදේ. වැදගතුන් සමග සබඳතා ඇති කරගැනීමේ අවස්ථා යෙදේ. ආගමික වතාවත් ගරු කර ක්‍රියා කරන දිනකි. මූල රෝග, බඩවැල් රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05
මීන
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තැන්පත් ධනය වැය වන දිනකි. උත්සව සභාවන් යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ධන වාසනා ලබයි. නේත්‍ර රෝග, කර්න රෝග මතු වේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 07