Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජීවිතයේ යථාර්ථය ඔබත් අවබෝධ කර ගෙනද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 20 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජීවිතයේ යථාර්ථය ඔබත් අවබෝධ කර ගෙනද?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

ජීවිතයේ යථාර්ථය ඔබත් අවබෝධ කර ගෙනද?

2 weeks ago
305 Views

මේ ජීවිතය ඉතා කෙටි වූවකි. උපත හා මරණය අතර ගමන් කරන අප ඒ පිළිබඳ මැනවින් අවබෝධ කරගත යුතුය. අවබෝධය නොමැති කල්හි ඇති වන්නේ නොයෙක් ගැටුම්ය. ඒ බව නූතන සමාජය තුළින් කදිමට තහවුරු වනු ඇත. විශේෂයෙන් ගුණධර්ම පිරිහී ඇති කාලසමයක මිනිසා මීට වඩා මිනිසත් භවයෙහි අගය වටහාගත යුතු අතර සියල්ල මරණින් කෙළවර වන බවද තේරුම් ගැනීම බෙහෙවින් වැදගත් වූවකි. නොමැති නම් සමා්ජය තවදුරටත් පිරිහීම කෙසේ හෝ වැළැක්විය නොහැක්කකි.

“මේ අහසට පොළොවෙන් නඟින්නෙම එක දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බයද බං සොහොන අපෙ විමානයයි
ඔය කොකාට වාරය නම් තිත්තයට දෙවාරයයි…”

මෑත කාලයේ අසන්නට ලැබුණු ඉතා අර්ථවත් ගීතයක මුල් කොටස ඉහත දැක්වේ. තරුණ යතිවරයන් වහන්සේනමක් අතින් ලියවුණු මෙකී ගීතය තුළින් නූතන සමාජයෙහි ගැබ් වී ඇති සමාජ යථාර්ථය ඉතා කදිමට පෙන්වා දෙනු ලබයි. ධර්ම දේශනා සිය ගණනකින් පෙන්වා දෙන ජීවිතයන්හි පවතින සැබෑ තත්ත්වය පෙන්වා දීමට තරම් මෙම නිර්මාණය සමත් වී ඇති බව නම් සැබෑවකි. මිනිසා සමාජයෙහි මෙසේ ජීවත් වුවද මරණින් පසු සතියක් යන විට සියල්ල අමතක වී යන බව නම් පුන පුනා කිව යුතු නොවෙයි. ඒ තුළින් අර්ථවත් වන්නේ අන්කිසිවක් නොවේ. සමාජයෙහි ජීවත් වන බොහෝ දෙනාට ඉතා කෙටි කාලයක් තුළ කෙළෙහිගුණ අමතක වී යෑමයි. කෙලෙස ජීවත් වුවද අවසානයෙහි පුද්ගලයාට උරුම වන්නේ මරණින් පසු සුසානය පමණක් වන බව නිර්මල බුද්ධ දේශනාවයි. අකෘතඥ මිනිසුන් බහුල වශයෙන් දිවි ගෙවන වත්මන් සමාජය කෙතරම් පිරිහී තිබේද? බොරුව, වංචාව, සොරකම රජකරන පුද්ගලයාට එලෙස වැඩිදුරක් ගමන් කිරීමට ද නොහැකිය. මෙකී සමාජ යථාර්ථය අද වනවිට කොතරම් දුරට සත්‍ය වන්නේ ද යන්න බොහෝ කරුණු කාරණා නිසා කදිමට තහවුරු වනු ඇත.

අප තථාගත බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේවතා සංයුත්තයේ දැක්වෙන “ජටා” සූත්‍ර දේශනාව තුළින් පුද්ගලයා ගැටලු හෙවත් කෙලෙස් නිසා විනාශ වන අයුරු ඉතා මැනවින් පෙන්වා දෙනු ලබයි.

“අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා” මෙහි “ජටා” යනු, බුදු දහමෙහි උගන්වන ගැඹුරුම අරුත නම් කෙලෙස් යන්නයි. ජීවිතයේ පුද්ගලයා මුහුණ දෙන විවිධ අභ්‍යන්තර හා බාහිර ගැටලු නිසා කොතරම් දුරට පිරිහී තිබේද යන්න නූතන සමාජය තුළින් කදිමට පැහැදිලි වනු ඇත.

උපත ලබා කෙටි කලක් ජීවත් වන අප සියල්ල මරණනේ කෙළවර වේ. මෙකී යථාර්ථය බොහෝ පිරිසකට අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම නිසා මුළු මහත් සමාජයම අවුල් ජාලාවක් වී හමාරය. ඈත අතිතයෙහි මිනිසා ගෙවනු ලැබුවේ බොහෝ සැහැල්ලු දිවිපෙවෙතකි. එහෙත් අද වනවිට සමාජ දියුණුව ඔස්සේ පුද්ගලයා සැහැල්ලු බවින් බොහෝ ඈතට ගොස් සෑම අතින්ම අන්ත පරිහානියක් ලබා ඇති බව නම් රහසක් නොවේ. අප බුදු රදුන් පෙන්වා වදාළ බොහෝ ගුණ ධර්මයන් පසෙකලා ක්‍රියාකිරීම තුළ මිනිසා ලබා ඇති පිරිහීම කොතරම් දුරට ව්‍යාප්ත වී තිබේද? යන්න තවදුරටත් සඳහන් කළ යුතු වන්නේ නැත.

“සබ්බේ සංඛාරා අනිච්චති – යදා පඤ්ඤාය පස්සති” සියලු සංස්කාර ධර්මයෝ නැසෙන බවත් එය නුවණින්ම වටහාගත යුතු බව තථාගත බුද්ධ දේශනාවයි. උපන් අප සැවොම ඉතා කෙටි කලක් තුළ මරණින්ම කෙළවරවෙති. රැස්කරන ලද සියල්ල එක මොහොතින් දමා යන අප නිරතුරුවම රැස් කළ යුත්තේ කුසල ධර්මයෝය. ධනය, බලය, උඩගු බව ආදී ළාමක ධර්ම අපගේ විනාශය සඳහාම හේතු වන බව නුවණින් අවබෝධ කරගන්නාතුරුම මෙම බියකරු සසර ගමනෙහි ඉපදීම හා මරණය ආදියට මුහුණ දීමට සිදුවෙති. මේ නිසා අප ලැබූ මිනිසත් භවයෙහි අගය මැනවින් වටහා ගැනීම නූතන අවශ්‍යතාවයකි. අකෘතඥ මිනිසුන් බහුතරයක් දිවි ගෙවන සමාජතලයක සියල්ල සතියෙන් අමතක කර දමන තත්ත්වයටම පිරිහී තිබීම බෙහෙවින් කනගාටුවට තුඩු දෙන්නකි.

“ධම්මෝ හවේ රඣති ධම්මචාරී” යන බුද්ධ දේශනාවට අනුව, ධර්මයට අනුව දිවි ගෙවන පුද්ගලයා ධර්මය තුළින්ම ආරක්ෂා කරන බව දක්වා ඇත. “ධම්ම දෙස්සී පරාභවෝ” ධර්මයට ද්වේශ කරන්නා පිරිහීමට පත්වීම ඉතා වේගයෙන් සිදුවේ. මෙකී ජීවන යථාර්ථය – උපන් අප සැවොම සියල්ල මරණින් කෙළවර වන වගක් ජීවත්වන මේ කෙටි කාලය තුළ කෙසේ දිවි ගෙවිය යුතුද යන්න මනාව අවබෝධ කරගත යුතුය. නොමැතිනම් දිනෙන් දින සිදුවන මෙකී සමාජ පරිහානිය කෙසේ හෝ වැළැක්විය නොහැකි බව නම් සැබෑවකි.

දර්ශනපති
කනංකේ විජිත නන්ද හිමි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

6 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

6 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

5 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

6 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
විශේෂාංග

ඉරානයට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණය ජාතික ෂුරා සභාව හෙළා දකී

විශේෂාංග

අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම

විශේෂාංග

මේ මගේ හීනය – ලක්මාල් ධර්මරත්න

විශේෂාංග

‘රාණි’ කටාර් යයි…

විශේෂාංග

‘Sitaare Zameen Par’ අද සිට ලොව පුරා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok