පොසොන් පෝය නිමිත්තෙන් දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින්අ නුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ පිහිටි සිද්ධස්ථාන වන්දනා කිරිමට ඊයේ (10දා) දිනය තුළ පමණක් දස ලක්ෂයක් ඉක්මවූ බැතිමතුන් පිරිසක් සහභාගී වූ බවට අනුමාන කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා පැවසීය.
මේ අතර අනුරාධපුරයට පැමිණ සිටි බැතිමතුන්ගෙන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මිහින්තලේ සහ තන්තිරිමලේ පුදබිම් වන්දනා කිරීමට ගොස් ඇති බව තොරතුරු අනාවරණය වේ.