ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා ඇත.
විදෙස් වාර්තා සඳහන් කළේ, යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බවය.
සටන් විරාමය සඳහා කටාර් සහ ඊජිප්තුව මැදිහත් වූ බව විදෙස් වාර්තා පවසයි.