යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර හෙට (03දා) සිට රජය වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බව ද කී නියෝජ්‍ය අමාත්‍යවරයා නාඩු වී කිලෝවක් රු 120කටද, සම්බා වී කිලෝවක් රු 125කට හා කීරි සම්බා වී කිලෝවක් රු 132කට රජය විසින් මිලදී ගැනීමට නියමිත බව ද කියා සිටියේය.
මේ අතර, තෙත වී සඳහා ද මෙවර මිලක් නියම කර ඇත. ඒ අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102කටද, සම්බා තෙත වී කිලෝවක් රුපියල් 105කට සහ කීරි සම්බා තෙත වී කිලෝවක් 112කට ගොවියාට විකිණිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.