අද ( 11) අළුයම් කාලයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් තීරු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 150,00 ක් (කාටූන් 75) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම කාර්යාංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ .
සැකකරු වයස අවුරුදු 45 ක් වන ඉන්දියන් ජාතිකයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
