දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් ලබා දී ඇත.
රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් මෙම මුදල ලබා දී තිබේ.
දුෂණ විරෝධී යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සදහා වු ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අතර අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදු විය.