ප්‍රකට ශ්‍රී ලාංකීක ගත් කතුවර , ෂෙහාන් කරුණාතිලක ගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාවට ආසියානු සාහිත්‍යය සඳහා වන 8 වැනි Émile Guimet ත්‍යාගය හිමිව තිබේ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරන පරිදි , ගුයිමෙට් කෞතුකාගාරය ජුනි 05 වැනිදා ප්‍රංශ සාහිත්‍ය ත්‍යාගය ෂෙහාන් කරුණාතිලක වෙත පිරිනමා ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ‘The Seven Moons of Maali Almeida’ Xavier Gros විසින් 2024 දී ප්‍රංශ භාෂාවට පරිවර්තනය කර තිබේ.
අනතුරුව එම ග්‍රන්ථයට Musee Guimet ත්‍යාගය හිමිවිය.
ෂෙහාන් කරුණාතිලකගේ ‘The Seven Moons of Maali Almeida’ නවකතාව 2022 වසරේ කීර්තිමත් බුකර් ත්‍යාගය ද හිමි කර ගත්තේය .
ගුයිමෙට් කෞතුකාගාරයේ සභාපති යැනික් ලින්ට්ට්ස් ( Yannick Lintz ) ප්‍රකාශයක් කරමින්, කෘතියේ “විශ්වීය මානයේ සාහිත්‍යමය සොයාගැනීම” සහ “එහි ලේඛනයේ නූතනත්වය සහ රැඩිකල්වාදය” අගය කර තිබිණි .
ෂෙහාන් කරුණාතිලක ග්‍රේෂන් ( Gratiaen ) සම්මානලාභියෙකි . ක්‍රිකට් තේමා කරගත් ෂෙහාන් කරුණාතිලක පළමු නවකතාව වන ‘Chinaman: The: the Legend of Pradeep Mathew’ට 2012 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ග්‍රන්ථ ත්‍යාගය ද , දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC ත්‍යාගය සහ 2008 දී Gratiaen ත්‍යාගය ද හිමිව තිබේ .
