මැඩ්ලීන් නෞකාවෙන් පලස්තීන ජනතාවට සහයෝගීතාවය රැගෙන ගිය පිරිසෙන් ග්‍රේටා තුම්බර්ග් ඇතුළු 5 දෙනෙකු බලහත්කාරයෙන් පිටුවහල් කර තිබෙන බව වාර්තා වේ .
ග්‍රේටා පිටුවහල් කිරීමට ගුවන් යානයකට නංවා සිටියදී ඉහත ඡායාරූපය ගත් බව විදෙස් මාධ්‍ය වල වාර්තා කර ඇත.
යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන රීමා හසන් ඇතුළු 7 දෙනෙකු පිටුවහල් කිරීමේ ලේඛන වලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ පසුව මධ්‍යම ඊශ්‍රායල නගරයක් වන රමිලාහි ගිවොන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනගොස් ඇත. ඔවුන් එහි පැය 96ක් රඳවාගෙන පිටුවහල් කිරීමේ අධිකරණ නියෝගයක් ගැනීමෙන් අනතුරුව පිටුවහල් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
” මැඩ්ලීන් ෆ්‍රීඩම් ෆ්ලෝටිලා ” නෞකාව අෂ්ඩෝඩ් වරායේ රඳවා ඇති බවද වාර්තා වේ.


