වැඩ තහනමට ලක්ව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවේ ,ජනාධිපති පොදු සමාව අනීතීක ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව කෙරෙන් විමර්ශන කටයුතු වලට අදාළවය .