ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාරවලින් පසුගිය සිකුරාදා වන විට අවම වශයෙන් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම , පලස්තීන භූමියේ ආධාර බෙදා හරින ඇමෙරිකාවේ සහාය ලබා ගත් ගාසා මානුෂීය පදනමට අයත් ආධාර මධ්‍යස්ථාන සියල්ල අද වන විට වසා දමා තිබේ. නැවත දැනුම් දෙන තුරු එහි සියලුම මධ්‍යස්ථාන අක්‍රීය බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .
පසුගිය සතියේදී ආහාර සහ ආධාර බෙදාහැරීම නැවත ආරම්භ කර තිබුණද , පවතින යුදමය තත්ත්වය සංකීර්ණ වීම හේතුවෙන් ආධාර බෙදාහැරීමේ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම මධ්‍යස්ථාන වසා දැමීමට ගාසා මානුෂීය පදනම තීරණය කර ඇත්තේ එහෙයිනි .




