ට්‍රම්ප් ගේ කටින්ම ඇත්ත පිටවෙයි
එලොන් මස්ක් සමඟ තිබුණු ‘ හිතවත්කම් ‘ අවසන්ව ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මේ සබඳතාව අවසන්දැයි , NBC ප්‍රවෘත්ති සේව්‍ය විමසු විට ට්‍රම්ප් පිළිතුරු දී තිබුණේ “ මම හිතන විදිහට ඒක එහෙම තමයි , ඔව් ” යනුවෙනි .
පළුදු ව ඇති සබඳතා යලි අලුත් කර ගැනීමට කැමැත්තෙන් සිටීදැයි විමසු විට ජනපති ට්‍රම්ප්ගේ ඝෘජු පිළිතුර වී ඇත්තේ “නැත ” යන්නය .
ජනපති ට්‍රම්ප් සහ මස්ක් අතර ඇති වූ ගැටුම විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවලත් බොහෝ සේ කතා බහට ලක් විය .එය එසේ අනාවරණය වීමෙන් පසුව ජනපති ට්‍රම්ප් ඒ ගැන විවෘතව අදහස් දක්වා ඇත්තේ පළමුවරටය .
ලොව අංක එකේ ධනවතෙකු වන එලෝන් මස්ක්, ජනපති ට්‍රම්ප් ගේ ප්‍රධාන දේශීය ප්‍රතිපත්තියක් වන බදු සහ වියදම් පනත ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුව මෙම ගැටුම නිර්මාණය විය .
එලෝන් මස්ක් යනු , ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මිලියන ගණනක් පරිත්‍යාග කර ධවල මන්දිර සහායකයෙකු බවට පත් වූ අයෙකි .
කෙසේ හෝ මේ අර්බුදය මධ්‍යයේ රිපබ්ලිකන්වරුන්ගෙන් බහුතරයක් ජනාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගෙන් තිබේ . උප ජනාධිපති ජේ . ඩි වැන්ස් කිසි විටෙකත් මස්ක් ගේ මැදිහත්වීම් පිලිගෙන් තිබුණේ නැත .
එලොන් මස්ක්“ඉතා පටු චින්තනයකින් කටයුතු කරන නිසා ඔහු ධවල ම්න්දීර්යට නොගැළපෙන පුද්ගලයෙකු බව ඔහුගේ අදහසයි .
මස්ක් , ජනාධිපතිවරයා විවේචනයට බඳුන් කිරීම ඔහු කළ නරකම වරද බව උප ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යට කියා තිබේ .
