ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ලබන 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කළේය.
මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය නමැති චෝදනාව ඔහුට එල්ල වී ඇත.
ඔහු එම චෝදනාව මත පසුගිය 30 වනදා සිට අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.