වෙසක් සමාව යටතේ රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්පුර්ණ නිවේදනය සංස්කාරණයකින් තොරව මෙසේ ඉදිරිපත් කරමු .
අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එමි. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇත.
2025.05.12වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැදවියන් සදහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත්වය.
ඒ අනුව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කල බවට ලද නියෝගය අනූව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.
මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.
ගාමිණී බී. දිසානායක
බන්දනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)