ශ්‍රී ලංකාවටත් නෑ !
යුක්රේනයේ රුසියානු යුද අපරාධ ඇතුළුව ලොව පුරා යුද අපරාධ විමර්ශනය කරන බහුවිධ වැඩසටහන් සඳහා එක්සත් ජනපද අරමුදල් අහෝසි කෙරේ .
එසේ , එම අරමුදල් අහෝසි කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇති බව ජුනි 26 වැනිදා රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ .
ජනවාරි මාසයේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියසිදුවූ මොහොතේ සිට පරිපාලනම ය විදේශ ආධාර , මාධ්‍ය ආයතන සහ ෆෙඩරල් සේවකයින් ඉලක්ක කොට මුල්‍ය කප්පාදු සිඳු කෙරිණි . යුද අපරාධ විමර්ශනය කරන බහුවිධ වැඩසටහන් සඳහා එක්සත් ජනපද අරමුදල් අහෝසි කිරීම යුක්රේනයට සහාය වන ව්‍යාපෘති වලට සෘජුවම බලපා තිබේ .
යුද අපරාධ විමර්ශනය කර වගවීම සොයන වැඩසටහන් ගණනාවක් සඳහා අරමුදල් අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ කළමනාකරණ සහ අයවැය කාර්යාලය (OMB) ජුනි 25 වන දින නිර්දේශ කළ බව රොයිටර් පුවත් සේවය සිය සමීපතම මුලාශ්‍ර හෙළි කර ඇතැයි වාර්තා කර තිබේ .
ඉලක්කගත වැඩසටහන් අතර යුක්රේනයේ රුසියානු යුද අපරාධ විමර්ශන කටයුතු මෙන්ම
මියන්මාරය
සිරියාව
ඉරාකය
නේපාලය
ශ්‍රී ලංකාව
සහ ගැම්බියාවේ සිදු ව ඇතැයි කියන යුද අපරාධ විමර්ශනයන්ද ඇතුළත් ය.
