දෙවුන්දර ධීවර වරායෙන් සහ කළුතර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ ..
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාව වෙළෙඳ නෞකාවක ගැටී මෙම අනතුර සිදුව ඇති බව කියැවේ .එහි ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට වාර්තා වේ .
කෙසේ නමුත් අනතුරින් එක් ධීවරයෙකු මුදවාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයිද වාර්තා වේ.
නාවික හමුදාවට , අදාළ සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා තිබේ . තවත් ධීවර යාත්‍රා කිහිපයක්ද මේ වන විට අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු යෙදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .
අනතුර සිඳුව ඇතැයි සැලකෙන්නේ ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේදී බව අදාළ ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දේ .
එමෙන්ම , කළුතර ප්‍රදේශයේදී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි .
ධනුෂා මැරීන් නම් කුඩා ධීවර යාත්‍රාවේ ගමන්කල අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටී නදුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද කුමාර මෙසේ අතුරුදන්ව ඇති බව කියති .
එම අතුරුදහන් වූ දෙදෙනා බෝට්ටු යොදාගනිමින් අවට පිරිස සොයමින් සිටින බව වාර්තා වේ . අනතුරට පත් බෝට්ටුව වෙරළට රැගෙන පැමිණ ඇත .