ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම පාපැදි ශූරයෙකු වූ , ඒ.එම්. සුමනවීර සිය දිවි සවාරිය නිම කර තිබේ .
දිවයිනේ ප්‍රධානතම පාපැදි සවාරි වන ලංකා සවාරිය, ලක් පොහොර පාපැදි සවාරිය ඇතුළු ප්‍රධානතම පාපැදි තරඟ රැසක් සුමනවීර ජයග්‍රහණය කර තිබේ.
පාපැදි ක්ෂේත්‍රයේ කා අතරත් , ඒ. එම්. සුමනවීර ප්‍රසිද්ධියට පත්වූයේ කඳු නැගීමේ ශූරයකු ලෙසය .හෙතෙම 1948 මාතර මිරිස්සේදී උපත ලබා ,පසුව රත්නපුර දෑල පදිංචියට පැමිණ ඇත .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාව කළ ඔහු දිනපතා රත්නපුරේ සිට කොලොන්නාවේ තම සේවා ස්ථානයේ වෙත පාපැදියෙන් පැමිණීම බව කියැවේ .


