පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ජාතික රෝහලට පැමිණියේය.
පසුගිය සඳුදා දින (16) කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සහභාගි වීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ. පහරකෑම නිසා තුවාල ලැබූ කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රිනී උළුවඩුගේ සඳමාලි මහත්මිය මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.