ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත් අතර සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කඩුළු 01ක් දැවී ලකුණු 59ක් ලබා සිටී.
ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 29කට දැවී ගියේය. මේ වන විට පැතුම් නිෂ්ශංක සහ දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදෙමින් සිටින පිතිකරුවන්ය.
බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක්, නජ්මුල් හොසෙයින් සැන්ටෝ ලකුණු 148ක් සහ ලිටන් ඩාස් ලකුණු 90ක් ලබා ගැනීමට සමත්විය.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ තරිදු රත්නායකල මිලාන් රත්නායක කඩුලු තුන බැගින් බිද හෙළනු ලැබීය. අද තරඟයේ තෙවන දිනයයි.