අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය නිවේදනය කර තිබේ .
ඒ , උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි .
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් පවසන්නේ , සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවය .