කොළඹ නගර සභාවේ නගරාධුපති ධුරය හිමිවූ ව්‍රායි කැලී බල්තසාර් අද (18දා) පෙරවරවේ එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවාය.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය වැඩ භාරගනිමින් සඳහන් කළාය.
කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බව ද ඇය කීවාය.
පුරවැසියන් එක හඬින් කියා සිටියේ ,මේ පුරවරයත් වෙනස් කර දෙන්න යනුවෙනි, යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බව ද මෙහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළාය.
ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇතැයි ද පැවසු ඇයල නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට ඇතැයි ද කීවාය.
අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවද සඳහන් කළ ඇය ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියාය.
කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීමට සිදුවන බව ද පැවසු කොළඹ පුරපතිනියල සාර්ථකත්වය ඇත්තේ පක්ෂල පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියාය.