ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ . ඒ පවතින අයහපත් කාලගුණය පිලිබඳ සැළකිල්ලට ගනිමිනි .
එම නිවේදනය අනුව , රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත .
එමෙන්ම , මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ අදාළ විස්තර සහ රූප සටහන් පහතින්


