දකුණු අප්‍රිකාව,මෙවර 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය .
ඔවුන් එම ජයග්‍රහණයට හිමිකම් කීවේ , කඩුළු 5 කින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.
අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රස කරගත්තේ ,ලකුණු 212 කි . සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 138 කි .
ඒ අනුව දකුණු අප්‍රිකාවට තරගයේ ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 282 කි .එම ඉලක්කය හඹා යන්නට දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ඇරඹු රයන් රිකල්ටන් ලකුණු 6 කට ද , අනතුරුව පිටියට පිවිසි වෙරන් මුල්ඩර්ගේ ඉනිම ලකුණු 27 කට ද සීමා කළ මිචෙල් ස්ටාක් තරගයේ පාලනය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් අතර රඳවාගන්නට සමත් විය .
දකුණු අප්‍රිකාවේ නායක ටෙම්බා බවූමා සහ ඒඩන් මාක්‍රම් පීඩනය මැද තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 143ක සුපිරි සබඳතාවක් ගොඩනගමින් සිය පිළ ජයග්‍රහණය කරා ගෙනයන්නට සමත් විය . ඒ අනුව , නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ටෙම්බා බවූමා නොදැවී ලකුණු 65 ක් රැස් කරගත්තේය .
දකුණු අප්‍රිකා ක්‍රීඩක ඒඩන් මාක්‍රම් සිය ටෙස්ට් දිවියේ රැස්කළ වටිනාම ශතකය ලෙසින් සිය 8 වැනි ශතකය වාර්තා කරන්නට සමත් විය
ICC අවසන් මහා තරගයක දී ලකුණු හඹා යෑමේදී ශතකයක් ලබා ගත් ලොව 5 වැනි ක්‍රීඩකයා ලෙසට ඔහු , මෙම ශතකයත් සමග වාර්තා අතරට එක් විණි .
ඒඩන් මාක්‍රම් නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තේ හතරේ පහර 11ක් ද සමගය.
දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ප්‍රබල තත්ත්වය පසු විය .
සිව්වන දින තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාවට කඩුලු 8ක් අතැතිව තවත් අවශ්‍ය වූයේ ලකුණු 69ක් පමණි .
එහිදී දකුණු අප්‍රිකාවේ තුන්වන කඩුල්ල ලෙස ටෙම්බා බවුමා ලකුනු 66කට දැවී ගිය අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඒඩන් මාක්‍රම් 138කට දැවී ගිය අතර ජයග්‍රාහණයේ වගකීම මැදපෙළ පිතිකරුවන්ට පැවරිණි . ඒ වගකීම ඉටු කරමින් පිටියට පිවිසි ඩේවිඩ් බෙඩින්හෑම් ලකුණු 21ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහණය කරා රැගෙන යාමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතාව දිනා ගත්තේ , 1998 වසරේදී චැම්පියන්ස් කුසලානය දිනා වසර 27කට පසුවය . ICC යේ ශූරතාවක් දිනා ගන්නට සමත්වීමත් විශේෂත්වයකි . ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීම ඒ ජයග්‍රහණය හිමිවීමද සුවිශේෂය .



