කාලගුණ තත්ත්වය තව දුරටත් පවතින අයහපත් වීම නිසා , දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ට සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදියර 01 මට්ටමේ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ .
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල සහ අඟලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම , කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ හා අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද ජාතික ගොඩනැගිලි සංවිධානය එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ .
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරතිබේ . ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වේ .
අදාළ සියලු විස්තර පහත දැක්වේ