Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පුංචි සභා 6කට සභාපතිවරු පත්වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පුංචි සභා 6කට සභාපතිවරු පත්වෙති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පුංචි සභා 6කට සභාපතිවරු පත්වෙති

2 days ago
813 Views

හල්දුම්මුල්ල – ඌව පරණගම මාලිමාවට

කඩුගන්නාව නගර සභාව අකුරණ ප්‍රා. සභාව – සජබට

උඩුබද්දාව – කුලියාපිටිය ප්‍රා. සභා – පොහොට්ටුවට

දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවීම ඊයේ (12දා) සිදුවිය. ඒ අනුව අකුරණ, හල්දුම්මුල්ල, ඌව පරණගම, කඩුගන්නාව, උඩුබද්දාව සහ කුලියපිටිය යන ප්‍රාදේශීය සභා සහ නගර සභා සඳහා නගර සභාපතිවරු ඊයේ පත්වූහ.

අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ඊයේ (12දා) හිමිවිය. ඊයේ උදේ පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 3කින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපති ධුරයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය. ඡන්ද විමසීමේදී ඉස්තිහාර් මහතා ඡන්ද 13ක් ලබාගත්තේය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිවිය. ඡන්ද 11ක් හිමි කරගනිමින් සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජගත් කුමාර රාජපක්ෂ මහතා තේරී පත්විය.

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රී ආර්.ඇම්. ජිනදාස මහතා තේරී පත්විය.

කඩුගන්නාව නගර සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිවිය. බහුතර බලය ලබාගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලක්ෂිත අබේරත්න මහතා නගර සභාපතිවරයා ලෙස පත්විය.

උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික නීතිඥ නිහාල් ජයසිංහ මහතා තේරී පත්විය.

ඊයේ කුරුණැගල පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වෙයන් පැවැති ඡන්ද විමසීමේදී ඒ මහතා සභාපති ධුරයට පත්විය.

මේ අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස හිටපු සභාපති විජේසිරි ඒකනායක මහතා මෙවරත් තෝරාගැනීමට ඊයේ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ සභාවේදී කටයුතු කෙරිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක විජේසිරි ඒකනායක මහතා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු සෙසු පක්ෂවල ඡන්ද 25ක් ගෙන සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබූ අතර ජාතික ජන බලවේගයෙන් ඒ සඳහා යෝජනා වූ ධම්මික ජයලත් මහතාට ලැබුණේ ඡන්ද 21කි.

උපසභාපතිවරයා තෝරාපත් කර ගැනුණේද සභාපති තෝරාපත් කරගත් ආකාරයෙන්ම විවෘත ඡන්දයකින් වූ අතර එහිදී එම ඡන්ද සංඛ්‍යාවම දිනාගැනීමට මොහොමඩ් කාදර් ඉර්ෆාන් මහතාට හැකිවිය.

ඒ අනුව 7 වැනි කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය විසින් අත්පත් කරගෙන සභාව පිහිටුවිය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, උපේන්ද්‍ර සේරසිංහ – කුලියාපිටිය, ජනක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

5 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

16 hours ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

7 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

1 day ago
Related News
ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයට දඬුවම් දෙනවා – ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කුමේනි

ප්‍රධාන පුවත්

මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රධාන පුවත්

තවත් පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවයි

ප්‍රධාන පුවත්

ඒක නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක් – කාදිනල්තුමා

ප්‍රධාන පුවත්

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුරේ මංගල්‍යය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok