Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ස්වාධීන මන්ත්‍රීන් 2 කගේ සහායෙන් බණ්ඩාරවෙල නගරාධිපති ධුරය මාලිමාවට

2 days ago
503 Views

සජබ 3 දෙනාගේ නම් තාමත් නෑ
පොහොට්ටු මන්ත්‍රී කාටවත් ඡන්දය නොදෙයි

ජාතික ජනබලවේගයේ ආර්.එම්. සාගරධීර විශ්ව වික්‍රම මහතා ඊයේ (11දා) වැඩි ඡන්ද 4 ක් හිමි කර ගනිමින් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර වැඩි ඡන්ද 4 ක් ලබා ගත් ස්වාධීන කණ්ඩායම් අංක 01 හි ශ්‍රීකාන්ත නන්ද මහතා උප නගරාධිපතිවරයා ලෙස තේරී පත්විය.

පළාත් පාලන මැතිවරණයේදී එකදු පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවීම නිසා මෙතෙක් බණ්ඩාරවෙල නගර සභාව සඳහා නගරාධිපතිවරයකු පත්කර නොතිබිණි. ඊයේ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස් ලලිත් හේමන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල නගර සභා ශාලාවේදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම පක්ෂයට නොලැබුණ ද ස්වාධීන කණ්ඩායම් අංක 01හි මන්ත්‍රීවරයකුගේ ද සහාය ලබාගනිමින් ජාතික ජනබලවේගයේ ආර්.එම්. සාගරධීර විශ්ව වික්‍රම මහතා නගරාධිපතිවරයා ලෙසත් ජාතික ජනබලවේගයේ සහාය ලබා ගනිමින් ස්වාධීන කණ්ඩායම් අංක 01 නියෝජනය කළ ශ්‍රීකාන්ත නන්ද මහතා උප නගරාධිපතිවරයා ලෙසත් තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බණ්ඩාරවෙල නගර සභාව සඳහා තේරී පත් වූ එකදු දේශපාලන පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවීම නිසා නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීම සඳහා මෙම ඡන්ද විමසීම සිදු විය. බණ්ඩාරවෙල නගර සභාවේ නියෝජිත සංඛ්‍යාව 16 කි. එහෙත් මේ වන තුරුත් සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නියෝජිතයින් තිදෙනාගේ නම් ඉදිරිපත් කර නොතිබීම නිසා ජාතික ජනබලවේගයේ (මන්ත්‍රී 06), ස්වාධීන කණ්ඩායම් අංක 01 (මන්ත්‍රී 05), ස්වාධීන කණ්ඩායම් අංක 02 (මන්ත්‍රී 01), හා පොදුජන පෙරමුණේ (මන්ත්‍රී 01) යන මන්ත්‍රීවරුන් 13දෙනාගේ සහභාගිත්වයෙන් ඡන්ද විමසීම පැවැත්විණි.

මෙහිදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනා සමග එක්වූ ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි එක් මන්ත්‍රීවරයකු හා ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරයා ජාතික ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂක ආර්.එම්.සාගරධීර විශ්ව වික්‍රම මහතාට පක්ෂව ජන්දය ප්‍රකාශ කළහ. ඔහුට හිමිවූ මුළු ජන්ද සංඛ්‍යාව 08 ක් විය. නගරාධිපති ධුරය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි නායක මොහොමඩ් නවුසාඩ් මහතා ද තරග කළ අතර ඔහුට හිමිවූ ජන්ද සංඛ්‍යාව 04ක් විය. මෙහිදී ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි නායක මොහොමඩ් නවුසාඩ් මහතාට එරෙහිව එම කණ්ඩායමේ එක් මන්ත්‍රිවරයකු ජාතික ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය දීම විශේෂ සිදුවීමක් විය.

අනතුරුව උප නගරාධිපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි ශ්‍රී කාන්ත නන්ද මහතා වැඩි ඡන්ද 04ක් හිමි කරගනිමින් උප නගරාධිපති ලෙස තේරී පත්විය. මෙහිදී ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි ශ්‍රී කාන්ත නන්ද මහතාට පක්ෂව ඡන්දය භාවිත කළ අතර උප නගරාධිපති ධුරය සඳහා ද තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි නායක මොහොමඩ් නවුසාඩ් මහතාට ලැබුණේ ඔහු නායකත්වය දුන් ස්වාධීන කණ්ඩායම් අංක එකෙහි මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් සිව්දෙනකුගේ ඡන්දය පමණි.

මෙම සෑම ඡන්ද විමසීමකදීම පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටීම ද විශේෂ සිදුවීමකි.

බණ්ඩාරවෙල නගර සභාවේ නියෝජිත සංඛ්‍යාව 16 කි. මෙවර මැතිවරණයේදී ජාතික ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් හය දෙනකුද, ස්වාධීන කණ්ඩායම් අංක 01 න් මන්ත්‍රීවරුන් පස්දෙනකුද, ස්වාධීන කණ්ඩායම් අංක 02න් හා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයකු බැගින්ද සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකුද තේරී පත්ව ඇත. එහෙත් සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් තිදෙනාම සභාවට පැමිණ සිටියේ නැත. බණ්ඩාරවෙල සජබ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චමින්ද විජේසිරි මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස් විය.

කන්දකැටිය – ජී. චතුරංග

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

2 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

22 hours ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago
Related News
ප්‍රධාන පුවත්

ඊශ්‍රායලයට දඬුවම් දෙනවා – ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කුමේනි

ප්‍රධාන පුවත්

මාතෘභූමිය වෙනුවෙන් ඉතා අගනා සේවයක් ඉටුකළ හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රධාන පුවත්

තවත් පළාත් පාලන ආයතන කීපයක බලය පිහිටුවයි

ප්‍රධාන පුවත්

ඒක නැති වුණ ජීවිතවලට කරන අගෞරවයක් – කාදිනල්තුමා

ප්‍රධාන පුවත්

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුරේ මංගල්‍යය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok