රක්ෂිත බන්ධනාගාර ගත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් වන විමර්ශනය අද (11දා) පස්වරු 02ට කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.
ඒ මහතා මේ වන විට අධිකරණයට ගෙනවිත් සිටින අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වෙනත් රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවට ගොස් ඇති බැවින් මෙසේ විමර්ශන විභාගය පසුවට කල් තබනු ලැබීය.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමට නියමිතය.
අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (10දා) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.