නැතිනම් යළි සටනට
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු විසඳීමට රජය සතියක් ඇතුළත පියවර නොගන්නේ නම් එම වෛද්‍ය සේවාවට අයත් සියලු කණ්ඩායම් යළි දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම නිසා අවස්ථා ගණනාවකදී වර්ජනයේ නිරත වීමට සිදුවූ බවත් රෝගීන් අපහසුතාවට ලක්වූ එම වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමැතිවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බව එම බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට සඳහන් කළේය.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලු විසඳීමට කිසිදු බාධාවක් නැහැ. නලින්ද ජයතිස්ස ඇමැතිවරයාට පරාජයක් සේ නොසිතා විසඳුම් දීමට කටයුතු කිරීම සඳහා අපි සතියක් කල් දෙන්න තීරණය කළා. රාජ්‍ය විශ්වවිද්‍යාල සම සෞඛ්‍ය උපාධිධාරීන් ඉවත් කර ආණ්ඩුව කියන මිලිටරි විශ්වවිද්‍යාලයට මූලිකත්වය දී නිදහස් අධ්‍යාපනය පිළිබඳව රජයේ මතය විකෘති කිරීමෙන් වළකින්න කියා අපි රජයට කියනවා යැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පරිපූරක වෛද්‍ය සේවාවේ සම සෞඛ්‍ය උපාධිධාරි ගැටලුව සහ කොතලාවල විශ්වවිද්‍යාලයීය වෛද්‍ය උපාධිධාරි ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පසුගිය මාසයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය.
සුජීව තත්සර