ලකී වූඩ් ඇතුළු එංගලන්ත පන්දු යවන්නන්ගේ කැපී පෙණෙන පන්දු යැවීමත්, ජොස් බට්ලර් සහ මැදපෙළ පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ද කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය හිමිකර ගැනීමට එංගලන්තයට හැකිවිය.
පෙරේදා (08 දා) බි්‍රස්ටල් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 196ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුවද, පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ලකුණු 197ක් හඹායෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 199ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායක ෂායි හෝප් ලකුණු 49ක්, ජොන්සන් චාල්ස් ලකුණු 47ක්, රොව්මන් පවෙල් ලකුණු 34ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 29ක් ලැබීය.
පන්දු යැවීමේදී ලකී වුඩ් ලකුණු 25කට කඩුලු 2ක්, බ්‍රේඩන් ක්‍රේසි, ජේකොබ් බෙත්ල් සහ අදීල් රෂීඩ් අතරේ 1කඩුල්ල බැගින් බෙදී ගියේය.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජොස් බට්ලර් ලකුණු 47ක්, නායක හැරී බෲක් ලකුණු 34ක්, බෙන් ඩකට් ලකුණු 30ක් සහ ටොම් බෙන්ටන් නොදැවී ලකුණු 30ක් ලැබීය.
පන්දු යැවීමේදී අල්සාරි ජෝසප් ලකුණු 45කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස ලකී වූඩ් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්