හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්ද මහතාගේ බිරිඳ වන කුෂානි නානයක්කාර මහත්මිය කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ විසින් ඇයට එරෙහිව කොළඹ අංක 09 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල නඩුවකට අදාලව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
2020 වසරේදී නඩු අංක 495/08/20 යටතේ මෙම නඩුව ගොනු කරනුයේ මෙම ව්‍යාපාරික කාන්තාව විසින් වසර ගණනාවක් තිස්සේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 7000කට අධික මුදලක් ආදායම් බදු ලෙස ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙනි.
ඇය ආයතන කිහිපයක අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරමින් ඇය විසින් උපයාගත් ආදායම්වලට ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇත.