ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය රාජ්‍ය නිවේදිත නිලධාරීන් පස් දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී ඇති බව නිවේදනය කර තිබේ .පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කර ඇති නිවේදනයට අනුව ,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ සිට එම කොමිසම් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. මොහාන්ලාල් පත් කර තිබේ .
පොලිස් අධිකාරි ඒ.එස්.කේ බණ්ඩාර අම්පාර කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද , සහකාර පොලිස් අධිකාරි ඩබ්.ටී. අනුරංග ගල්කිස්ස කොට්ඨාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද අනුයුක්ත කර තිබේ .
එමෙන්ම , සහකාර පොලිස් අධිකාරි බී.එල්. ඒ ප්‍රසන්න ඇල්පිටිය කොට්ඨාසයේ සිට නුගේගොඩ කොට්ඨාසයටද , සහකාර පොලිස් අධිකාරි එම්.ඩී.පී දීප්ති කුමාර නුගේගොඩ කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාසයටද අනුයුක්ත කර තිබේ .