2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රුග බිලියන 1,218. 07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රුපියල් බිලියන 1,454.67 ක් දක්වාල රු. බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය සිටටය 19.42ක වර්ධනයකි.
එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.
මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙසින් සටහන්ව ඇතග.