BREAKING
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි අයකු වරදකරු කොට දින 10කින් පසුව , ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබේ .
ඊට අදාළ වූ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණයට එළැඹ තිබේ . බන්ධනාගාර කොමසාරිස් ජනරාල්පෙරේදා ( 07 ) පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්විය .අනතුරුව ඊයේ ( 08 ) ද ,ඔහු පැය 10 කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමට ලක් විය .
ජනාධිපති සමාව ලැබීම හේතුවෙන් නිදහස් කරන ලද බවට වාර්තා වන සිරකරුවෙකු නිදහස් කිරීමෙන් පසුව මෙම අත්හිටුවීම සිදු කරන ලදී. කෙසේ වෙතත්, ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා අනුමත කරන ලද සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ අදාළ පුද්ගලයාගේ නම ඇතුළත් නොවන බව ජනාධිපති කාර්යාලය පසුව පැහැදිලි කළේය.
