පොසොන් සතිය අද (07) සිට ආරම්භ වන අතර , ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වීමට නියමිතය . ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට ද සැලසුම් කර ඇත්තේ අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමිනි .
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය පවසන්නේ ,ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවය පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේය .
රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය .