පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පසුගිය මැයි 20 වැනිදා දින දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත්කළ බව කථානායක පාර්ලිමේන්තුවට ඊයේ (06 දා) දැනුම් දුන්නේය.
ගයන්ත කරුණාතිලක මහතාට යෙදී තිබෙන අධික වැඩ රාජකාරි හේතුවෙන් මෙම කමිටුවෙන් ඉල්ලා අස්වූ බව ඔහු තමා වෙත දන්වා ඇතැයි ද කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
අදාළ කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, එහි අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතාය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන